fbpx
Arduino Lesson 08: Onboard OLED Screen
Arduino OLED
Arduino පාඩම 8

Magicbit OLED තිරය භාවිතා කරමු

OLED තිරය මත වචන, ලාංඡන සහ රූප සංදර්ශන කරමු.

Components Required

Magicbit
Buy

හැඳින්වීම

Magicbit හි වර්ණ OLED තිරයට වචන මෙන්ම සරල ලාංඡන සහ පින්තූර පෙන්විය හැක.

පාඩම අරමුණ

මෙම පාඩම මගින් පහත කරුණු සම්බන්ධව ඉගෙන ගනිමු,
  • Adafruit OLED library එක භාවිතා කිරීම
  • Magicbit onboard OLED තිරය භාවිතා කිරීම

සිද්ධාන්තය

Magicbit සතුව 0.96″ OLED තිරයක් ඇති අතර එය I2C ප්‍රොටෝකෝලයෙන් සන්නිවේදනය කළ හැක. සංදර්ශකයෙහි ලිපිනය(screen address) වන්නේ 0x3c.

ක්‍රමවේදය

Adafruit OLED library(Adafruit_SSD1306 & Adafruit_GFX) එක LCD screen සමග වැඩ කිරීමේදී යොදා ගනී. මෙම library එක මුලින්ම install කරගත යුතුයි. අපට පෙන්වීමට අවශ්‍ය දත්ත සූදානම් කරගත් පසු display විධානය භාවිතා කර එම දත්ත තිරය මත පෙන්විය හැකිය.

Coding

 

#include <Wire.h>
#include <Adafruit_GFX.h>
#include <Adafruit_SSD1306.h>
#define OLED_RESET 4

Adafruit_SSD1306 display(128,64);

void setup(){
  display.begin(SSD1306_SWITCHCAPVCC, 0x3C);
  display.display();
  delay(3000);
}


void loop(){
  display.clearDisplay();
  display.setTextSize(2);
  display.setTextColor(WHITE);
  display.setCursor(10, 0);
  display.println("Hello");

  display.setTextColor(WHITE);
  display.setTextSize(1);
  display.setCursor(0, 25);
  display.println("Welcome to");
  display.println();
  display.println("Magic");
  display.println("Bit");
  display.display();
  display.clearDisplay();

  delay(1000);

  }

Explanation

display.clearDisplay(): OLED සංදර්ශකය හිස් කරයි.

display.setTextSize(2): වචන වල අකුරු ප්‍රමාණය(font size) සකසන්න.

display.setCursor(0, 25): Cursor හි පිහිටීම සකසයි.

display.println(stuff to print): ලබා දී ඇති දත්ත නව රේඛාවකින් මුද්‍රණය කරන්න, මෙයද Serial.println විධානය මෙන්ම හැසිරෙයි.

display.setTextColor(WHITE): වචනවල වර්ණය සකසයි.

display.display(): තිරයේ වෙනස්කම් යාවත්කාලීන කරයි.

 

Note:: OLED සංදර්ශකයේ විමානයෙහි ADC අගය පෙන්වීමට වැඩසටහනක් සාදන්න.

Related Posts
Leave a Reply