fbpx
Arduino Lesson 07: Generating Tones
Arduino tone
Arduino පාඩම 7

නාද රටා හදමු

buzzer එකෙන් නාද රටා හදමු

Components Required

Magicbit
Buy

හැඳින්වීම

මෙම පාඩමේදි අප magicbit onboard buzzer එක භාවිතා කර නාද රටා නිර්මාණය කරන ආකාරය ඉගෙන ගනිමු.

පාඩමේ අරමුණ

මෙම පාලම ඉදි පහත කරුණු සම්බන්ධව ඉගෙන ගනිමු,
  • Tone ශ්‍රීතය භාවිතා කිරීම
  • Buzzer එක භාවිතා කිරීම

සිද්ධාන්තය

Piezo buzzer යන උපකරණය බහුලව embedded systems (එබ්වූ පද්ධති) වල දී විවිධ නාද නිර්මාණයට භාවිතා කරයි. ESPservo නම් library එක හා magicbit භාවිතා කර අපට ඕනෑම නාද රටාවක් නිර්මාණය කළ හැක.

ක්‍රමවේදය

මෙම පාඩමේදි අප 25 pin එකට සම්බන්ධ කර ඇති piezo buzzer භාවිතා කරමු.

 

Magicbit buzzer

ESP32Servo.h library මගෙන් PWM(Pulse Width Modulated) සංඥා නිර්මාණය කළ හැක. මෙම සංඥා භාවිතයෙන් අපට buzzer ඒක මගින් විවිධ ශබ්ද රටා නිර්මාණය කළ හැක. මෙහිදී PWM සංඥා වල සංඛ්‍යාතය(frequency) හා කාල මාත්‍රාව(pulse duration) වෙනස් කිරීමෙන් නාදයන් ගේ ස්වභාවය වෙනස් වෙයි.

Code


#include <ESP32Servo.h>
void Setup(){
   pinMode(25,OUTPUT);
}
void loop(){
   tone( 25 ,4186,500); //C Note
   delay(1000);
   tone( 25,5274,500); //E Note
   delay(1000);
}

පැහැදිලි කිරීම

tone(pin No, frequency, duration): දක්වා ඇති දත්ත වලට අනුරූප වූ PWM සංඥාවක් මෙම ශ්‍රිතය මගින් නිර්මාණය කරයි.

ක්‍රියාකාරකම්

Magicbit එකෙහි button එකක් එබූ විට එක් ශබ්ද රටාව කුත්, තවත් button එකක් එබූ විට වෙනත් ශබ්ද රටාව කුත් ලබා දෙන ආකාරයට ක්‍රමලේඛයක්(program) සකසන්න.

Related Posts
Leave a Reply