fbpx
Arduino Lesson 12: Door Sensor
door sensor
Arduino Lesson 12

Door Sensor

Detect if door is opened or closed from a magnetic switch

Components Required

Magicbit
Buy

හැඳින්වීම

 

චුම්බක සම්බන්ධ ස්විචයක් (Magnetic Contact Switch) යනු දොරක්, ජනේලයක් හෝ ලාච්චුවක් වැනි ස්ථානයකට පහසුවෙන් සම්බන්ධ කළ හැකි උපාංගයකි. මෙමගින් අදාල දොර හෝ ජනේලය වසා ඇති හෝ නැති බව සොයාගත හැක.

පාඩම අරමුණ:

  • චුම්බක දොරටු සංවේදකය භාවිතා කිරීම.

සිද්ධාන්තය

දොරටු වසා ඇති බව හෝ නැති බව හඳුනා ගැනීමට ප්‍රධාන වශයෙන් “reed switch” යොදාගනී. මෙම විශේෂ switch එකෙහි එකිනෙකට සමීපව තැබූ තහඩු සම්බන්ධක දෙකක් ඇත. චුම්භක බලයක් මෙම switch එකට ලැබුන විට මෙම තහඩු එකිනෙක ස්පර්ශ වී පරිපථය සංවෘත කරයි. එමෙන්ම අදාල දොරටුව හෝ ජනේලය විවෘත කිරීමේදී එහි සවි කර ඇති චුම්බකය ඉවතට යන බැවින් switch එකට ඇති චුම්බක ක්ෂේත්රය අඩාල වේ. එම නිසා ස්විච් එක විසන්ධි වී පරිපථය බිඳ දමයි.

 

පහත රූපසටහන මගින් ඉහත පැහැදිලි කළ අවස්ථා නිරූපණය කෙරේ.https://github.com/HarshaWeerasinghe/MagicBit_Sensors/blob/master/resources/DoorSensor/entry_sensor_reed_switch_small.png?raw=true

ක්‍රමවේදය

ප්‍රථමයෙන්, Magicbit දොරටු සංවේදකය ගෙන එය Magicbit core සමඟ සම්බන්ධ කරන්න. මෙම උදාහරණයේදී, අපි මෙය ක්‍රියාත්මක කිරීම සඳහා Magicbit හි 32 වන පින් එක භාවිතා කරමු. දොර සංවේදකය සම්බන්ධ කිරීමෙන් පසු, ඔබේ Magicbit සඳහා පහත කේතය උඩුගත කරන්න. ඉන්පසු ඔබේ Arduino IDE හි අනුක්‍රමික මොනිටරය විවෘත කර දොර සංවේදක මොඩියුලය වෙනස් කරන අතරතුර ප්‍රතිදානයන් බලන්න.

https://github.com/HarshaWeerasinghe/MagicBit_Sensors/blob/master/resources/TiltSensor/Screenshot_1.png?raw=true

Figure 2: Door open state

https://github.com/HarshaWeerasinghe/MagicBit_Sensors/blob/master/resources/TiltSensor/Screenshot_2.png?raw=true

Figure 3: Door closed state

Code

 

const int DOORpin = 32;

void setup() {
  Serial.begin(9600);
  pinMode (DOORpin, INPUT);
}

void loop() {
  Serial.println(digitalRead(DOORpin));
  delay(100);
}

පැහැදිලි කිරීම

DOORpin: දොරටු සංවේදකය සඳහා අර්ථ දක්වා ඇති ආදාන පින් එක

Related Posts
Leave a Reply