fbpx
Arduino පාඩම 02: Blinking a LED
led blinking
Arduino පාඩම 2

2. Digital Write

Digital write භාවිතයෙන් නිවි නිවී දැල්වෙන LED එකක්

Components Required

Magicbit
Buy

හැඳින්වීම

මේ පාඩමේදී digital output මඟින් LED එකක් නිවී දල්වන්නේ කෙසේදැයි ඔබට ඉගෙන ගැනීමට හැකිය. මීට අමතරව රිලේ ස්විච්, බල්බ්, මෝටර් වැනි උපකරණ ද digital output භාවිතා කර පාලනය කල හැකිය.

පාඩමේ අරමුණ

මේ පාඩම මඟින් ඔබට..
  • Pin Mode
  • Digital Write
  • Delay Functions

ගැන අවබෝධයක් ලබාගත හැකිය

සිද්ධාන්තය

Digital output මගින් ඔබට ඉලෙක්ට්‍රොනික උපාංඟ පාලනය කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙහිදී විධානයක් ලෙස ප්‍රතිදාන අගය ඉහල අගයකට සැකසුවහොත් (high) ඉහල වෝල්ටීයතාවයක්ද (සාමාන්‍ය‍යෙන් 5v හෝ 3.3v අතර), පහල අගයක් ලෙස සැකසුවහොත් (low)  එය වෝල්ටීයතාවයක් නැති එනම් 0v බවට පත්වේ. Magicbit හී දී HIGH ලෙස 3.3v වෝල්ටීයතාවයක් ද LOW ලෙස 0v ලෙස output එක ලබාගත හැකිය.

ක්‍රමවේදය

Magicbit උපාංඟයේ වර්ණ 4 කින් යුත් LED 4ක් තිබෙන අතර මෙම ක්‍රියාකාරකම සඳහා D18 අග්‍රයට සම්බන්ධ කහ වර්ණ LED බල්බය යොදාගමු.

 

https://raw.githubusercontent.com/Ruwatech/docu-Magicbit/master/Resources/image4.png

 

මෙහිදී output අගය HIGH අවස්ථාවේදී LED බල්බය දැල්වෙන අතර LOW අවස්ථාවේදී LED බල්බය නිවී යයි.

Code

void setup(){
   pinMode(18,OUTPUT);
}
void loop(){
   digitalWrite(18,HIGH);
   delay(1000);
   digitalWrite(18,LOW);
   delay(1000);
}

පැහැදිලි කිරීම

pinMode(pin, Mode): ලබා දී ඇති pin එක output ලෙස හෝ input ලෙස සැකසීම සිදුකරනු ලැබේ. මෙහිදී අප එය output එකක් ලෙස භාවිතා කරනු ලබයි.

digitalWrite(pin No, State): digital pin එකක අගය HIGH හෝ LOW අගයක් ලෙස පත් කිරීම සිදු කරනු ලබයි. නිවැරදිව ක්‍රියාකාරිත්වයක් සඳහා pin mode සඳහා සකසන pin එක හා ඩිජිටල් අගය වෙනස් කරනු ලබන pin එක එකම විය යුතුය.

delay(ms): යම් කාල සීමාවක් සඳහා වැඩසටනට විරාමයක් (මිලිතප්පර මඟින්) ලබාදීම මෙයින් සිදු කරයි. (මිලිතප්පර 1000 ක් තප්පර 1 කට සමානවේ)

 

සටහන: Magicbit හි ඇති LED භාවිතයෙන් knight rider ආලෝක රටාව නිර්මාණය කිරීමට වැඩසටහනක් සකසන්න.

Related Posts
Leave a Reply